ධම්මික පෙරේරා දිවුරුම් දෙයි (වීඩියෝ)

ජූනි 22, 2022
  • ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද දිවුරුම් දුන්නේය.

    ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, ජාතික මන්ත්‍රී ධුරයට ඔහු පත් කෙරිණ.  1967 මග්ගොන - පයාගල දී උපත ලැබු ධම්මි‘ක පෙරේරා මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ උසස අධ්‍යාපනය හදාරා තිබේ.

    විදේශ රටවල ආයතන රැසක ආයෝජන හිමිකාරිත්වය දරන ධම්මික පෙරේරා මහතා මෙරට පෞද්ගලික සමාගම් රැසක සභාපතිත්වය දැරූ අතර තවත් සමාගම් රැසක අධ්‍යක්ෂ මණ්ඩලය ද නියෝජනය කරයි. 

    Last modified on බදාදා, 22 ජූනි 2022 11:18

    Latest News