IOC ඉන්ධන බෙදාහැරීම තවත් පුළුල් කරයි

ජූලි 04, 2022

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි, ලංකා අයි ඕ සී සමාගම පවසයි.

    ඊයේ දිනයේදී ඉන්ධන ලීටර මිලියනයක් ත්රිඕකුණාමලයේ පිහිටි සිය පර්යන්තයෙන් නිකුත් කළ බවයි, එම සමාගම කියා සිටියේ.

    ලංකා අයි ඕ සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ‍මනෝජ් ගුප්තා මහතා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඊයේ නිවාඩු දිනයක් වුවද ඉන්ධන නිකුත් කිරීම සඳහා උපරිමයෙන් පියවර ගත් බවයි.

    මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිහිටි අයි ඕ සී ඉන්ධනහල්වලින් ඉන්ධන ලබා දීම ආරම්භ කර තිබේ. ඇතැම් ප්‍රදේශවල දිගුපෝලිම් පවතින බවයි, අප වාර්තාකරුවන් පවසන්නේ.

    හැටන්, අයි ඕ සී ඉන්ධන පිරවුම්හලට නිකුත් කෙරුණු පෙට්‍රල් ලීටර 6600 ලබා ගැනීමට ජනතාව අතර පැවතියේ දැඩි උනන්දුවක්. යතුරුපැදියක් සඳහා රුපියල් 1,500ක ඉන්ධනත්, ත්‍රී රෝද රථයක් සඳහා රුපියල් 2,500 ක ඉන්ධනත් සහ අනෙකුත් වාහනවලට රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරේ.

    Latest News