අයි.එම්.එෆ්. සිව්වන වාරිකයත් අනුමතයි ඩොලර් මිලියන 334 ක් මෙරටට

මාර් 01, 2025

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය,  ශ්‍රී ලංකාව සමඟ ඇති විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තෙවැනි සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට මෙමගින් ලැබෙන අතර, එතුළින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට  සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 334 ක් වෙත ක්‍ෂණික ප්‍රවේශය මෙරටට හිමි වනවා. 

    ශ්‍රී ලංකාව 2024 දෙසැම්බර් අවසානය සඳහා සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා  ගෙන ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා. 2025 ජනවාරි අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු සපුරා ඇති අතර, බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම තුළින් ණය තිරසරභාවය යථා තත්වයට පත් කිරීම ප්‍රධාන සන්ධිස්ථානයක්. ජාත්‍යන්තර මුල්‍ය අමරමුදල වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය සහ ආර්ථික ප්‍රතිසංකරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව  සිදු කර ඇති බවයි.

    උද්ධමනය ඉතා අඩු මට්ටමකින් පවතින බවත්, රජයේ ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින අතර, විදේශ සංචිත අඛණ්ඩව වර්ධනය වන බවත්, ඔහුගේ නිවේදනයේ සඳහන්.  2023  තුන්වන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4.3 ක සාමාන්‍යක පැවතුණා. 2024 අවසානය වන විට ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2018 සහ 2023 අතර සිදුවූ පාඩුවෙන් සියයට 40ක් අයකර ගැනීමට හැකිවී තිබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා අවධාරණ කර තිබෙනවා. මෙම වස‍රේ දී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වී අඛණ්ඩව පවතිනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බව ද නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාව සමඟ ඇති විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තෙවැනි සමාලෝචනය සම්පූර්ණ කර තිබෙන බැවින්, ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 334 ක් වෙත ක්‍ෂණික ප්‍රවේශය මෙරටට  හිම වනවා. IMF සිව් වන වාරිකය ශ්‍රී ලංකාවට හිමි වීම පිළිබඳව IMF විධායක නිලධාරීන්ගේ මාධ්‍ය හමුවක් එළඹෙන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතයි.

    Latest News