IMF ශ්‍රී ලංකාව පැසසුමට ලක්කරයි

ජූනි 14, 2024
    ශ්රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්රියාමාර්ග ගැන අන්තර්ජාතික මූල්ය අරමුදල ප්රශංසාව පළ කරනවා.

    එමෙන්ම, රජයේ මූලිකත්වයෙන් අත් කරගෙන ඇති ආර්ථික ප්රගතියද IMF සංවිධානයේ පැසසුමට ලක් වුණා.

    ශ්රී ලංකාව පිළිබද IMF විධායක මණ්ඩල දෙවැනි සමාලෝචනය අවසන් වීම සම්බන්ධයෙන් අද උදේ මාධ්ය හමුවක් පැවැත්වුණා.
     
    මාර්ගගත ක්රමය ඔස්සේ පැවති මෙම මාධ්ය හමුවේදී ශ්රී ලංකාව පිළිබඳ IMF ජ්යෙෂ්ඨ නියෝජිත පීටර් බොයර් ඇතුළු කණ්ඩායම වොෂින්ටනයේ IMF මූලස්ථානයේ සිට මාධ්යවේදීන්ගේ ප්රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.
     
    මෙහිදී බොයර් මහතා, පෙන්වා දුන්නේ, විදෙස් බැඳුම්කර ණය හිමියන් සමග පවතින එකඟතා නිසි ඉලක්ක සපුරා ගැනීමට අවශ්ය බවයි.
     
    ශ්රී ලංකාව සංක්රාන්ති තත්වයක සිට ආර්ථික ස්ථායිකරණයක් වෙත යොමු වෙමින් සිටින මේ අවස්ථාවේ සියලු ක්රියාකාරකම් විධිමත්ව පවත්වා ගැනීමේ අවශ්යතාව ඔහු පෙන්වා දුන්නා.

    Latest News