පොසොන් පුන් පොහොය අදයි

ජූනි 14, 2022

    අනුබුදු මිහිඳු මහ හිමියන්ගේ අසිරිමත් ලංකාගමන සිදුවූ උතුම් පොසොන් පොහොය දිනය අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත් බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ අග්‍රතම ජාතික පූජෝත්සවය මෙයයි.

    මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සහ දෙවියන්ට සමචිත්තපරියාය යන සූත්‍රය දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතියි.

    බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් ගණ බුදුරැස් විහිදීම, 3 වන ධර්ම සංඝායනාව පැවැත්වීම පොසොන් පොහොය දිනයේ සිදුවී තිබේ.

    මිහිඳු හිමියන්ගේ මඟ පෙන්වීමෙන් රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව බෞද්ධයන් බවට පත්විය.

    මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූනි 2022 13:13

    Latest News