බන්ධනාගාර රැඳවියන් 173කට අද නිදහස

ජූනි 14, 2022

    පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතව තිබේ.

    ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මතයි. ඒ යටතේ වැඩිම සංඛ්‍යාව වන රැඳවියන් 23 දෙනෙකු නිදහස ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන්.  

    එමෙන්ම, කුරුවිට, මහර, මීගමුව, වීරවිල, වාරියපොල, බෝගම්බර, අනුරාධපුර, කළුතර, කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන, වටරැක, බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස, යන බන්ධනාගාරවලින් ද පොළොන්නරුව, කෑගල්ල මඩකලපුව, මොණරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය, ගාල්ල, පල්ලෙකැලේ හා ත්‍රිකුණාමලය යන බන්ධනාගාරවලින්ද රැඳවියන් නිදහස ලැබීමට නියමිත ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News