ජලාශවල ජලය අපතේ යැවීමේ කඩාකප්පල්කාරී වැඩක් (වීඩියෝ)

ජූනි 09, 2022
  • රංදෙණිගල හා රංටැ‌ඹේ ජලාශවල වාන් දොරටු විවෘත කරමින් මහවැලි ගඟට ජලය මුදා හැරිමට කටයුතු කර ඇති බව වාර්තාවේ.



    මීට පෙර මෙසේ වාන් දොරටු විවෘත කර මහවැලියට ජලය නිකුත් කරන්නේ, විදුලි බලය නිෂ්පාදනය කර ඉන් පසුව බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

    මෙසේ මහවැලි ගොවින් ගේ ප්‍රයෝජනයට අවශ්‍ය ජලය නිකුත් කිරීමේ දී එම ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවට සැක මතුව තිබේ.

    තවද විදුලි ඉන්ජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුවන මෙම අවස්ථාවේ මෙවැනි ක්‍රියාවක් සිදුවීම යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවයි අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

    රටේ උග්‍ර විදුලි ඉල්ලුමක් තිබිය දී විදුලිය නිශ්පාදනය නොකර ජලය මෙලෙස අපතේ යෑම ජාතික අපරාධයක් වන බැවින් ජල විදුලි බලාගාරවලට අවශ්‍ය ආරක්ෂාව ඉල්ලා ඇති බව ද වාර්තාවේ.

    Latest News