සීමාව පැන්න මෙරට යාත්‍රාකරු සීෂෙල්ස් සිරගෙට

මාර් 09, 2019

    සීෂෙල්ස් මුහුදු සීමාවේ පසුගියදා අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ ධාවනකරුට වසරක සිර දඩුවමක් ලබා දීමට එරට අධිකරණය තීන්දු කළේය.

    ඒ ඊයේ පැවති නඩු විභාගයෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවේ පසුවූයේ බේරුවල සිට පැමිණි සුබපැතුම් නමැති බහුදින ධීවර යාත්‍රාවේ ධාවනකරු ඇතුළු ධීවර කටයුතු වල නිරත වූ පිරිසයි.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමට අදාළ නියමිත බලපත්‍ර නොමැති වීමත් දිගින් දිගටම නීති විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමත් යන කරුණු සළකා බැලූ එරට අධිකරණය මෙම තීන්දුව ගෙන ඇති බව, සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක මහතා පවසයි.

     

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 12:37

    Latest News