බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2ක ඖෂධ තොගයක්

ජූනි 01, 2022

    අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 2ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබේ.

    මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම් ඩී අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදුන් බවයි,සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    එම ඖෂධ තොගය අතර ප්‍රතිජීවක ඖෂධ මෙන්ම පිළිකා, අධි රුධිර පීඩනය, වෛරස, අපස්මාරය හා ඇදුම ඇතුළු රෝග වලින් පෙළෙන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 79ක් පමණ වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලී රටක් ලෙස සළකා කටයුතු කරන බවයි, එම අවස්ථාවට එක්වෙමින් මෙරට බංග්ලාදේශ මහ කොමාසරිස්වරයා සඳහන් කර ඇත්තේ.

    Latest News