ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනෙක්ට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 6 ප්‍රකාශයට

මැයි 31, 2022
    අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නඩු ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජුනි මස 6 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.
    ඉන් අනතුරුව නඩුවේ තීන්දුව ජුනි මස 6 වැනි දා ප්‍රකාශයට පත් කරන බවද නිවේදනය කෙරිණ. 
    2015 වසරේ අප්‍රේල් මස 6 වැනි සහ  එම වසරේ ජුනි මස 02 වැනි දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී තිබේ.
     
    මොරීන් රණතුංග සහ  නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. 
     
     
     
     
     

    Latest News