රු.බිලියන 695ක ප්‍රතිපාදන සළසා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක්

මැයි 31, 2022

    ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ, අයවැය සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපාතිය යටතේ රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

    පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩා හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධි ලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයන්ට හා රාජ්‍ය සේවකයන්ට මේ වසර ආරම්භයේ දී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දෙනු ලැබීය.

    ඒ සඳහා වන වියදම් දැරීමට මෙන්ම, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සළසා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News