'ශ්‍රී ලංකා දූපත් සංවර් ධන අධිකාරිය' නුඳුරේදීම - ඇමති ප්‍රසන්න

ඔක් 05, 2022

    ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින්, නව ආයතනයක් නුදුරේදීම ස්ථාපනය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.  රට වටා පිහිටි දූපත් සමූහය සංවර්ධනය කර, ඒවා ආර්ථිකය ගොඩනැගීමට දායක කර ගැනීම අරමුණයි.

    ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    ශ්‍රී ලංකාව වටා දූපත් 60 කට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒවා සංචාරක ආකර්ශනය ඇති වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා කියා සිටිනවා. 

    බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතා අගැයීමට ලක් වුවද, මෙරට කුඩා දූපත්වල පවතින ආර්ථික විභවතා මෙතෙක් නිසි ලෙස තක්සේරු කර නැහැ.

      මාලදිවයින වැනි දූපත් රටවල ක්‍රියාත්මක ජල බංගලා වැනි හෝටල් ඉදි කිරීමෙන් දෙස්-විදෙස් සංචාරක ආකර්ශනය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පවසනවා

    Latest News