රැට්ටා ට ඇප

මැයි 31, 2022

    කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න හෙවත් 'රැට්ටා' ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙම සැකකරු කොම්පඤ්ඤ වීදිය පොලීසිය මඟින් ඊයේ සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවන ලැබීය.

    එහිදී පොලීසිය සඳහන් කළේ ඉකුත් දා ගාලුමෝදර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ දිනයේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්දීන් මහතා ප්‍රමුඛ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට ඉදිරිපත් කර තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් ඔහු ඇප මත මුදල් ලෙස ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 31 මැයි 2022 08:04

    Latest News