කළමැටිය ධීවරයන්ටත් අඛණ්ඩව ඉන්ධන සැපයේ

මැයි 30, 2022

    ධීවර අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කළමැටිය ප්‍රදේශයේ ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීමට කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ.

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර විශේෂයෙන් රටේ ආර්ථිකයට දායකත්වය සපයන ධීවර කාර්මිකයන්ට ඉන්ධන ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනූව කළමැටිය ධීවර වරායේ ස්ථාපිත කර ඇති ඉන්ධන පිරවුම්හල සදහා භූමිතෙල් ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත.

    අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස පවතින කළමැටිය ධීවර වරායේ මේ දක්වා ලියාපදිංචි බෝට්ටු 102ක් පවතින අතර ඉන්ධනහල සඳහා භූමිතෙල් ප්‍රමාණයක් ලැබී ඇති අතර එම ඉන්ධන ප්‍රමාණය වරායේ පවතින බෝට්ටු සඳහා දින දෙකකට පමණක් ප්‍රමාණවත් තරම් පවතින බවත් ඉදිරියේදි නොකඩවාම මෙම ඉන්ධන හල මගින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    Latest News