කාලගුණය ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

සැප් 18, 2020

    මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එහි සහකාර අධ්‍යක්ෂවරයා (සෝදිසි මෙහෙයුම්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

    අද (18) දින සිට මධ්‍යම, ඊසාන දිග හා නැගෙනහිර බොංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 6 -16 සහ නැගෙනහිර දේශාංශ 83 - 96 අතර මධ්‍යම ඊසාහ හා නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම ප්‍රදේශවල ඉතා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන්නැයි ද උපදෙස් දී තිබේ.

    Latest News