මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට දැනුම්දීමක්

මැයි 20, 2021

    හෙට සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට හෝ ආරක්ෂක ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ලබන 22 වැනිදා වන විට අඩු පීඩන තත්වයක් ලෙස වර්ධනය වීමේ හැකියාවක් පවතියි.

    ඉදිරි පැය 72ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    Latest News