කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මැයි 30, 2022

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් අද පස්වරුවේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවයි.

    එමෙන්ම අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එහි සදහන් වේ.

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකූණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    Latest News