අද පැය 8ක ජල කප්පාදුවක්

මැයි 27, 2022

    අද (27) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අදාළ ජල කප්පාදුව සිදුවන්නේ පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළදීයි.

    බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ද එම මණ්ඩලය දැනුම් දී තිබේ.

    ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ අම්බලන්තොට, බලපිටිය, බෙන්තොට, බටපොළ, ඇල්පිටිය යන ප්‍රදේශවලටයි.

    එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩුපීඩන තත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    Latest News