පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ

මැයි 20, 2022

    තවත් ඉන්ධන සහිත නෞකාවක පෙට්‍රල් තොග ගොඩබෑම අද (20) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


    එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් පවතින බවයි, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ.

    මේ අතර අයි. ඕ. සී. සමාගම ඇනවුම් කළ පෙට්‍රල් නෞකාවකින් තොග ගොඩබෑම ඊයේ (19) රාත්‍රියේ ආරම්භ වූ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ සංස්ථාවේ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

    මේ අතර මෙරටට සේන්දු වූ ඩීසල් නෞකාවේ, ඩීසල් ගොඩබෑම මේ වනවිට අවසන්ව තිබේ. ඩීසල් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Latest News