ලිට්‍රෝ කළමනාකාරීත්වය අද කෝප් කමිටුවට

මැයි 20, 2022

    ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

    ඒ, පවතින ගෑස් හිඟය හා ඊට අදාළ විසඳුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි. මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ, දෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ, පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින්.

    රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවන ලද ආයතන 7ක විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ද ඒ අතර වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News