ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි, සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු සහ විවේක දින අවලංගු කෙරේ...

මැයි 09, 2022

    දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසූවේ, ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ සියලු දෙනා නිවෙස්තුල රැඳී සිටිය යුතු බවයි. ඇඳිරි නීතිය කඩ කිරීම, මහජන සාමය පවත්වාගෙන යාමට බාධා කිරීමක් සේ සලකා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද, නිවේදනයේ සඳහන්.

    සාමකාමීව සහ සන්සුන්ව කටයුතු කරන ලෙස ආරක්ෂක බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස්පතිතුමා විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු සහ විවේක දින යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ඒ, අනුව සියලුම පොලිස් නිලධාරින් තමන්ගේ රාජකාරී ස්ථාන වෙත වහාම වාර්තා කන ලෙසයි, උපදෙස් ලබාදී ඇත්තේ.

    Latest News