ඇඳිරිනීතිය අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 05.00 දක්වා

මැයි 16, 2022

    මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


    ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැහැ.

    Last modified on සදුදා, 16 මැයි 2022 17:10

    Latest News