ගැසට් නිවේදනයට අනුව ඇඳිරි නීතිය අලුයම 5 න් අවසන්

ජූලි 14, 2022

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.

    ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ.

    වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට ඊයේ දහවල් සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පැනවීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවයි. ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේ ආණ්ඩුව ප්‍රකාශ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම 5 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැන වූ බවයි. කෙසේවෙතත් ඇදිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ දිනයේ සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

    Latest News