පෙ.ව. 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස 2කට යළි පැනවේ

මැයි 12, 2022

    දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කෙරේ. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවේ.

    ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැහැ. ඉකුත් 9 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහායි මෙලෙස ඇදිරි නීතිය පනවා ඇත්තේ.

    මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථ වාහන සෝදිසි කිරීම්, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසත් අවශ්‍ය අවස්ථාවක වෙඩි බලය පාවිච්චි කිරීමටත් ත්‍රිවිධ හමුදාවටම උපදෙස් දී ඇති බවයි.

    Latest News