අද සිට, වාහනවලට ඉන්ධන නිකුත් කිරීමේ දී, සීමාවන් (වීඩියෝ)

මැයි 05, 2022
  • පෙට්‍රල් තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් අද (05) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

    එහි මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න පෙට්‍රල් තොගයක් පවතින බවයි, වාර්තා වන්නේ. මේ අතර, වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී යම් සීමාවක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

    එය, අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, යතුරු පැදි සඳහා උපරිමය රුපියල් 2,000ක ද, ත්‍රීරෝද රථ සඳහා උපරිමය 3,000ක ද, කාර්, වෑන් සඳහා උපරිම රුපියල් 8,000ක ද ඉන්ධන නිකුත්කිරීමටයි, තීරණය කර ඇත්තේ. පොදු ප්‍රවාහන සේවා සහ වාණිජ වාහන සඳහා මෙම සීමාවන් බලනොපැවැත්වේ.

    Latest News