කුලියාපිටිය අනතුර; 14 හැවිරිදි සිසුවෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මැයි 02, 2022
  • කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස 14 හැවිරිදි දරුවෙකු ද වන බවයි.

    ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) සවස සිදුවූ රිය අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. මිය ගියේ කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

    අනතුරින් පසුව ප්‍රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට ගිනි තබා තිබුණි.  

    Last modified on සදුදා, 02 මැයි 2022 19:21

    Latest News