මල්වතු මහනාහිමි දේශපාලනඥයන්ට තහංචියක් දමයි

මැයි 02, 2022

    කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර ඇති බව වාර්තාවේ.

    ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ලියවිල්ලක් ඉදිරිපත් කෙරිණ.

    එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

    පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ව කැඳවා සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර ඇති බවද වාර්තා වේ.

    Latest News