21 වැනි සංශෝධන කෙටුම්පත සදහා යෝජනා අද නව කැබිනට් මණ්ඩලට

අප්‍රේ 25, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගියදා පත් කෙරුණු නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරු 5.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂවල යෝජනා පසුගියදා කතානායකවරයා වෙත බාරදුනි.

    එම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ති‍බේ.

    කැබිනට් මණ්ඩලයට යොමු කරන එම යෝජනා සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදි පාදක කර ගැනීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතයි.
    ඒ අනූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කර, 19 වැනි සංශෝධනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සාධනීය වෙනස්කම් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සශෝධනය ලෙස ගෙන ඒමට ඉකුත්දා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සිය එකඟතාවය පළ කළේය.

    Latest News