පාස්කු ප්‍රහාරයට අදට වසර තුනක්

අප්‍රේ 21, 2022

    ජීවිත රැසක් අහිමි කරමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ නැවතත් ත්‍රස්තවාදයේ භීතිය ජනිත කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවූ අදට තෙවසරක් සම්පූර්ණ වෙයි.

    දේවස්ථාන තුනක් සුඛෝපභෝගී හෝටල තුනක් ඇතුළු ස්ථාන 8ක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    කතෝලික ජනතාවගේ උතුම් දිනයක් ලෙස සැලකෙන පාස්කු ඉරු දින උදෑසන දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියෝන් දේවස්ථානය ලෙයින් තෙත් කරමින්, බෝම්බ පුපුරා ගි‍යා.

    ඒ අතරතුර කොළඹ නගරය ද භීතියට පත් කරමින්, ෂැංග්රිලා, කිංස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුඛෝපභෝගී හෝටල් තුළට ද මරාගෙන මැරෙන අන්තවාදී ත්‍රස්තවාදීන් කඩා වැදුණේ පාස්කු ඉරු දින උදේ ආහාරය ගනිමින් සිටි දෙස් - විදෙස් පිරිස් ඉලක්ක කරගෙනයි.

    2009 වසරේ දී මෙරටින් ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සැහැල්ලුවෙන් සතුටින් හා සාමකාමීව දිවි ගෙවූ ශ්‍රී ලාංකීය ජනතාව නැවත වරක් දැඩි භීතියට පත් කිරීමට මේ ප්‍රහාර මාලාව හේතු විය. කිසිවෙකු අපේක්ෂා නොකළ මොහොතක සිදුවූ ප්‍රහාර මාලාවෙන් රටවල් 14කට අයත් විදේශිකයන් 46 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ සංඛ්‍යාව 500ක් පමණ වෙයි. 

    Latest News