පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාවයක්

අප්‍රේ 21, 2022

    2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට අද (21) කටයුතු කළා.

    ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමටකට අනුවයි.

    පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර තුනක් සම්පූර්ණ වේ. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

    Latest News