පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු මියයයි

ජන 05, 2022

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි, පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ බන්ධනාගාරගතව සිටි කල්මුණේ, පල්ලිය පාරේ පදිංචි මොහොමඩ් කලින් නමැති සැකකරු මෙසේ මිය ගොස් ඇති බවයි.

    ඔහු 42 වන වියේ පසුවන බවද හෙළිවී තිබේ.

    මෙම සැකකරු ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා අසනීපව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

    පසුව ඔහු ජාතික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබන අතරවාරයේ ඊයේ දින මියගොස් ඇති බවද පොලිසිය වාර්තා කර තිබේ.

    Latest News