පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දරට චෝදනා කියවා දෙයි

නොවැ 22, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද කොළඹ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය.

    මෙම නඩුව අතර නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය. වැඩිදුර නඩු විභාගය පැවැත්වෙයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 10:27

    Latest News