මුව ආවරණ නැවතත්

අප්‍රේ 21, 2022

    පසුගිය 18 වැනිදා ඉවත් කෙරුණු මුහුණු ආවරණ (Face Mask) අනිවාර්ය නොවන නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

    මේ වනවිට රට පුරා තැන තැන සිදුවන ජන ඒකරාශී වීම හේතුවෙන් මෙම තීරණය ආපසු කැඳවීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

    එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පෙර පරිදි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කරන බව එම නිවේදනයේ සඳහන්.

    mask.jpg

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 14:39

    Latest News