රඹුක්කන විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් තරුණයෙක්ට ඇප

අප්‍රේ 21, 2022

    රඹුක්කන උද්ඝෝෂණ අතර කලහකාරී තත්වයක් ඇති කලායැයි, සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ රඹුක්කන - ඇඹුල්අඹේ පදිංචි තරුණයෙක් ඇප දෙකක් මත මුදාහැර තිබේ.

    නඩුව ඊයේ රාත්‍රී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ ලැබීය. ඔහුට ලබන 28 වැනිදා අධිකරණය‍ හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    පසුගිය 19 වැනිදා රඹුක්කන ඉන්ධන පිරවුම්හල අසළදී උද්ඝෝෂකයින් හා පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් එක් පුද්ගලයෙකු මියගිය අතර 33 දෙනෙක් රෝහල් ගත කෙරිණ.

    තුවාල ලැබූ පිරිස අතර කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සහ සිවිල් වැසියන් 13 දෙනෙක් වෙයි.

    Latest News