රඹුක්කන උද්ඝෝෂණ අතර කලහකාරී තත්වයක් ඇති කලායැයි, සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ රඹුක්කන - ඇඹුල්අඹේ පදිංචි තරුණයෙක් ඇප දෙකක් මත මුදාහැර තිබේ.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

රඹුක්කන සිද්ධිය ගැන සොයා බැලීමට රජයෙන් සහ පොලීසියෙන් කමිටු දෙකක් පත්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කණගාටුවට පත්වන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

Latest News