රඹුක්කන සිදුවීම ගැන අගමැති සිය කණගාටුව ප්‍රකාශ කරයි

අප්‍රේ 20, 2022

    රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කණගාටුවට පත්වන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. සෑම විටම ගෞරවාන්විතව සේවය කළ ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

    විරෝධතාකරුවන්ට ද, සියලු දෙනාට සමාන ගෞරවයෙන් යුතුව සිය ප්‍රජා අයිතිය භාවිත කරමින් විරෝධතාවයේ නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 12:53

    Latest News