ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් යෝජනා මාලාවක්

අප්‍රේ 21, 2022

    රට තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යෝජනා මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත්, විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙතයි යොමුකර ඇත්තේ.

    අර්බුදය විසඳීම සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ, දැන් උදාවී ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස, මහජන සුබසිද්ධිය උදෙසා සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු අවස්ථාවක් බවයි.

    මෙම අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ - විපක්ෂ භේදයෙන් තොරව පීඩාවට පත් මහජනයා පිළිබඳ සංවේදීව රට දේශපාලන හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකුට එක්සිත්ව, එක්සත්ව සිය පූර්ණ දායකත්වය ලබාදීමට කැප වියයුතු බව උන්වහන්සේ සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

    මෙම කරුණු පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්ව සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන බව ද මහනාහිමිවරුන් සිය නිවේදනයේ සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 12:24

    Latest News