කාසල්රි - මාවුස්සාකැලේ ජල මට්ටම 30%ක් පහළට

මාර් 06, 2019

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස තිබේ.

    කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40 දක්වා පහළ බැස ඇති අතර මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 38 දක්වා පහල බැස  ඇති බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියි. එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගි කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් 25% දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බවයි විදුලිබල මණ්ඩලය කියා සිටින්නේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් පානිය ජලය ලබා දිම සදහා කැළණි ගඟට ජලය මුදා හැරිමට ද ජල ධාරිතාව රදවා ගත යුතු බව ද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහළ බැසිමත් සමග එම ජලාශ ඉදිකිරිමේ දී  යට වූ නටබුන් කිහිපයක් මේ වන විට මතු වි ඇත.

     

    Last modified on බදාදා, 06 මාර්තු 2019 10:33

    Latest News