කඩුගන්නාවේදී පෙරලුන බසයේ සහයක මරුට-30ක් රෝහලේ

මාර් 06, 2019

    ඊයේ රාත්‍රී පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මඩකලපුව ප්‍රදේශයේ විද්‍යාපීඨ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්විය. සිසුන් මඩකලපුවේ සිට අලුත්ගම ප්‍රදේශය බලා පැමිණෙමින් සිටියේය. වංගු සහිත ස්ථානයක දී බසයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව තිබේ.

    සිද්ධියෙන් මියගියේ බස් රථයේ සහායකයායි. තුවලකරුවන් පේරාදෙණිය සහ මහනුරව මහ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 10:06

    Latest News