2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

මාර් 06, 2019

    2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ විමට නියමිතයි.

    දෙවනවර කියවිමේ විවාදය අද සිට ලබන 12 වැනි දින දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වැනි දින සිට අප්‍රේල් මස 05 වැනි දින දක්වා පැවැත්වෙන අතර, එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරේ.

    2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    වත්මන් රජයේ පස්වන අයවැය මෙයයි. ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කර ගනිමින් සකස් වී ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 10:42

    Latest News