2021 දී උගන්ඩාවට යැවූ ගුවන් භාණ්ඩ, වාණිජමය සේවයක් - ශ්‍රීලන්කන්

අප්‍රේ 15, 2022

    පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

    එම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින් මේ නිවේදනය නිකුත් කර ඇත.

    2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී තිබූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

    එය, සම්පුර්ණයෙන්ම වානිජමය ක්‍රියාදාමයක් වූ අතර, එමඟින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී තිබේ.

    එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටියි.

    Latest News