ජාතික රූපවාහිනී “රූ කිරුළ" අයේෂා නෙත්මිණිට...(වීඩියෝ)

අප්‍රේ 15, 2022
  • අයේෂා නෙත්මිණි ජාතික රූපවාහිනී “රූ කිරුළ 2022“ හිමිකර ගත්තා.

    අවසන් තරගය ඊයේ (14) රාත්‍රී පැවැත්වුණේ ජාතික රූපවාහිනී පරිශ්‍රයේදී. රූ කිරුළ තරගය සඳහා ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව 15,000කට අධිකයි. එම අයදුම්පත් අතුරින් පළමු වටය සඳහා 1,800 දෙනෙකු තෝරා ගැණුනා. තවත් තරගවට කිහිපයකින් පසු අවසන් වටයට තෝරා ගැනුණු රුවැත්තියන් සංඛ්‍යාව 12ක්. මෙවරත් රුවැත්තියන් තෝරාගනු ලැබුවේ, ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ සහභාගිත්වයෙන්.

    ජාතික හා ජාත්‍යන්තර රූ රැජිණ තරග නිර්මාණ අධ්‍යක්‍ෂ ලෝචිං වොන්, ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය චන්න විජේවර්ධන, රංගන ශිල්පිනී උදාරි පෙරේරා, රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දු සහ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර යන මහත්ම, මහත්මීන් එම විනිසුරු මඩුල්ලට ඇතුලත්.

    Latest News