ලබන වාරයේ සිට පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ

අප්‍රේ 06, 2022

    එළඹෙන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.


    ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ අප්‍රේල් 18 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

    මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

    dd1.jpgdd2.jpg

     

    Latest News