කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ගින්නකින් එකම පවුලේ 3ක් මරුට (වීඩියෝ)

මාර් 24, 2022
  • කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.


    අද (24) පෙරවරු 6.30 ට ඇති වු මෙම ගින්නෙන් නිවාස 4 කට පමණ හානි සිදුව ඇති බව වාර්තාවේ.

    එලෙස මියගොස් ඇත්තේ, පියා, දියණිය සහ දියණියගේ පෙම්වතා බව පොලීසිය සඳහන් කරයි. එම පවුලේ මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    සිද්ධියෙන් මියගිය ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව ගෙන ගොස් තිබේ. තිස් එක් හැවිරිදි ඊස්වරදේවන් මේනකා නැමැති ඔහුගේ දියණිය සහ ඇගේ පෙම්වතාද මරණයට පත්ව ඇත.

    තහඩුවලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව ඇති අතර ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 මාර්තු 2022 13:02

    Latest News