සුළං බල කණුවක ගින්නක්

අගෝ 30, 2021

    නාරක්කල්ලිය මුහුද ආසන්නයේ සුළං බල කණුවක ඊයේ (29) සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ පොලීසය කියයි.

    පුත්තලම - කල්පිටිය මාර්ගයේ නාරක්කල්ලිය මුහුද ආසන්නයේ ගොවි බිම අතර මෙම සුළං විදුලි බලාගාරය පිහිටා ඇත.

    මෙම ගින්නෙන් සුළං විදුලි උත්පාදකය හා ජියර් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    හමන සුළං තත්වය නිසා සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනි ගත් කොටස් විසිවී අසල ගොවිබිමක ගබඩාවක් වෙත වැටී තිබේ. ඒ නිසා එය සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ. එමෙන්ම ඒ ආසන්නයේ පිහිටි දුම්කොල වගාවකටද හානීවී ඇත.

    සුළං විදුලි උත්පාදකය කණුවේ ගිනින්න සුළං නිසා නිවී ගොස් ඇතත් ගබඩාවේ ගින්න විශාල වේලාවක් පැවති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 20:42

    Latest News