පමුණුව ගින්නකින් වෙළඳසැල් කිහිපයකට හානි (වීඩියෝ)

අප්‍රේ 08, 2022
  • මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳසැලකට ගිනි ඇවිලී මෙන් වෙළෙඳ සල් කිහිපයක් ගිනිගෙන විනාශ වී ඇත.

    ඊයේ (07) රාත්‍රී 8 පමණ මෙම ගින්න හට ගෙන තිබේ. ග්‍රෑන්බට් වත්ත මංසන්ධියේ පිහිට තාවකාලික රෙදිපිලි වෙළඳසැලක මෙම ගින්න ඇති වී පසුව තවත් වෙළඳසැල් 8කට පමණ ගින්න පැතිර ගොස් ඇත.

    ගින්න පිළිබඳ තොරතුරු සැලවීමත් සමග ගින්න පාලනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් හා දෙහිවල-ගල්කිස්ස නගර සභාව අයත් ගිනි නිවන රථ දෙකක් උපයෝගි කරගෙන ඇත. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය පිළිබඳ මහරගම පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

    Latest News