කොස්ලන්ද ඕෆ්ෆීල් කදු රක්ෂිතයේ විශාල ගින්නක්

අගෝ 11, 2021

    කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පහ ඕෆ්ෆීල් කදු රක්ෂිතයේ ඊයේ (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.


    එම ගින්න රාත්‍රි වන විටත් රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර තිහකට වඩා විනාශ වී ඇත. ගින්න මැඩපැවැත්වීම සදහා වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්වූ අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය නිසා ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
    පැය ගනනක මෙහෙයුමකින් පසු ගින්න මැඩපැවැත්වීමට හැකි වූ අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News