ඉසෙඩ් - ඩී ඇලට වැටුණු අලි දෙදෙනා බේරාගැනේ

මාර් 18, 2022

    වැලිකන්ද මෛත්‍රීගම ගම්මානයෙන් ඉසෙඩ් - ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනෙක් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.

    ගම්වාසීන්ගේ දැනුම්දීමකට අනූව, පැය 3කට ආසන්න කාලයක් සිදු කෙරුණු මෙහෙයුමකින් අනතුරුව වන අලින් බේරා ගැනිණ. පවතින වියලි කාලගුණය නිසා ජලය

    සොයා වන අලින් ගම්වැදීම මේ දිනවල සුලබ වී තිබේ. අද අලුයම කාලයේ වන අලි දෙදෙනා ඇලට වැටී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

    යකඩ පඩිපෙළක ආධාරයෙන් ගොඩගැනුණු අලි දෙදෙනා කාලිංගවිල රක්ෂිතයට පලා ගොස් ඇත.

    Latest News