දැවැන්ත මෙහෙයුමකින් මව හා පැටියා ගොඩට

ජූනි 08, 2019

    තණමල්විල,කිතුල්කොටේ වනජීවී අඩවි ආරක්ෂක ප්‍රදේශයට අයත් දොලිය, පිදේනි වැව අසළ වගා ළිඳකට ඊයේ රාත්‍රී ඇතින්නක් හා පැටවෙකු වැටී තිබේ.

    ඇතින්නගේ වයස අවුරුදු 30ක් පමණ වන අතර ගැහැණු පැටවාගේ වයස අවුරුදු 2ක් පමණ වන බවයි, අඩවි ආරක්ෂක නිලධාරීවරයා පැවසුවේ. වනජීවී නිලධාරීන් පස් දෙනෙකු හා බැකෝ යන්ත්‍ර යොදා පැය 3ක පමණ සිදුකළ මෙහෙයුමකින් පසු වන අලින් ලුණුගම වෙහෙර රක්ෂිතයට මුදා හැරිණ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 10:34

    Latest News