බුත්තල - කතරගම මාර්ගයට ආහාර සොයා එන අලින්

දෙසැ 22, 2021

    බුත්තල - කතරගම මාර්ගයට ආහාර සොයා පැමිණෙන වන අලින්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

    ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ දී අලින්ට ආහාර දීමෙන් වළකින ලෙසයි. යාල ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති මාර්ගය දෙපස වන අලින් විශාල පිරිසක් මේ දිනවල දක්නට ලැබෙයි.

    ඔවුන් පසුගිය දින කිහිපයේදී රථ වාහන කිහිපයකට පහරදුන් බවයි, වනජීවී නිලධාරීන් පවසන්නේ. ඇතැම් සංචාරකයින් සහ රියදුරන් වන අලි ආසන්නයටම ගොස් ආහාර ලබා දෙන අතර ජායාරූප ද ගැනීම සුලබ දසුනක් වී තිබේ.

    එවැනි ක්‍රියාවලින් වළකින ලෙසයි, වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

    Latest News